Gossips

ගිනි කෙළි අලෙවියේ අඩුවක්

පසුගිය වසරට සාපේක්ෂව මෙවර සිංහල, හින්දු අලූත් අවුරුදු සමයේ ගිනිකෙළි නිෂ්පාදන මිලට ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා ගිනිකෙළි නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් අතුල අල්විස් කියා සිටියේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙලෙස ගිනිකෙළි සඳහා පවතින ඉල්ලූම අඩු වී ඇති බවයි. එමෙන්ම සේවක ගැටළු හේතුවෙන් ගිනි කෙළි නිෂ්පාදනය කිරීමේ අඩුවක් ද පවතින බවයි ඔහු කියා සිටියේ.
මේ අතර, පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වයත් සමඟ අලූත් අවුරුදු ක්‍රීඩාවල දී ආරක්ෂිත පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මේ, ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ජාතික හෙද පුහුණු කිරීමේ නිලධාරීනි පුෂ්පා රම්‍යානි ද සොයිසා කියා සිටියේ අධික තෙහෙට්ටුවක් හෝ අධික වෙහෙසක් දැනේ නම් එවැනි අවස්ථාවල සෙවනකට යාම වඩා යෝග්‍ය බවයි.