Gossips

සුඩාන රජය පෙරළීමේ කුමන්ත්‍රණයට, නායකත්වය දුන් ආරක්ෂක ඇමති ඉල්ලා අස්වෙයි

සුඩාන රජය පෙරළා දමා ජනාධිපති ඔමාර් අල් බෂීර් අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණය මෙහෙය වූ එරට ආරක්ෂක අමාත්‍ය අවාඩ් ඉබ්න් ඔව්ෆ් සිය ධුරයෙන් ඉවත් වී තිබෙනවා.
ඒ, ජනතා විරෝධය හේතුවෙන්. මිලිටරි කවුන්සිලයේ නායකයා ද වන මොහු ඔමාර් අල් බෂීර් අත්අඩංගුවට ගත් බව මුල් වරට රජයේ රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රකාශ කර තිබුණා.
සුඩාන රජය පෙරළා දමා ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව රට තුළ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ අතර ඊට ජනතාව දිගින් දිගටම විරෝධතා එල්ල කළා.
විරෝධතාකරුවන් සුඩාන අගනුවර පිහිටි හමුදා මූලස්ථානය ඉදිරිපිට වාඩි වී විරෝධතාවයේ නිරත වූ අතර එම විරෝධතා හේතුවෙනුයි මොහු ද සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ.