Gossips

හිංසාකාරීව ගවයන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

හිංසාකාරීව කුඩා ලොරි රථයකින් මස් පිණිස ගවයන් ප්‍රවාහනය කළ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පැල්මඩුල්ල නගරයේදීයි ඊයේ රාත්‍රී වැටලීම සිදුකර ඇත්තේ.
අදාළ ලොරියේ ගවයන් 7 දෙනෙකු සිට ඇති අතර කුඩා පැටවෙකු ද ඒ අතර වනවා.
පොලිසිය වැටලීම සිදුකරන අවස්ථාවේ ලොරියේ සිටි දෙදෙනෙකු පළාගොස් ඇති අතර රියදුරා අත්අඩංගුවට පත්වුනා.
ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය පිළිබඳ පැල්මඩුල්ල පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.