අනුරාධපුරය – කහටගස්දිගිලිය ප්රදේශයේ අද සිදුවූ රිය අනතුරු දෙකකින් අයෙක් මිය ගොස් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලැබුවා.
අනුරාධපුරය – ත්රිකුණාමලය ප්රධාන මාර්ගයේ වෙහෙරගල ප්රදේශයේදී එක් අනතුරක් සිදුවූ අතර එහිදී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් එහි ගමන් කළ අයෙක් මිය ගියා.
ළුෑණු ගෝනියක් මත වාඩි වී සිටි මෙම පුද්ගලයා ලොරි රථයෙන් ඉවතට විසි වීමෙන් එලෙස මිය ගොස් ඇති බව සඳහන්.
අනෙක් අනතුර සිදුව ඇත්තේ එම මාර්ගයේම ත්රිකුණාමලය දෙසට ධාවනය වූ යතුරුපැදියක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පෙරළී යාමෙන්.
එහිදී 35 හැවිරිදි පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු තිරප්පනේ ප්රදේශයේ පදිංචිකරුවෙක්.