Gossips

දකුණු සුඩාන නායකයන්ගේ දෙපා සිපගෙන පාප් වහන්සේ ඉල්ලු ඉල්ලීම – (ඡායාරූප)

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දකුණු සුඩාන නායකයින්ගෙන් සාමය රැගෙන එන ලෙස ඉල්ලයි.."
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ දිනවල දකුණු සුඩානයේ සංචාරයක නිරත වනවා.
එම සංචාරය අතරතුර දකුණු සුඩාන ජනාධිපතිවරායා, විපක්ෂ නායකවරයා ඇතුළු දේශපාලන නායකයින් මුණ ගැසුණු පාප්වහන්නේ ඔවුන්ගේ දෙපා සාම්ප්‍රදායිනුකූල චාරිත්‍රය අනුව සිපගනිමින් යුධ ගැටුම් වලට මැදවී සිටින දකුණු සුඩානයට සාමය රැගෙන එන ලෙස ඉල්ලා සිටියා.
පාප්තුමන් මෙම ඉල්ලීම පක්ෂ, විපක්ෂ සියලු නායකයින්ගෙන් ඉල්ලා සිටි අතර, උන්වහන්සේ පැවසුවේ සියලු පරස්පරථා අවම කරගනිමින්, සාමය රැගෙන එන්නට සියලු නායකයින් එකතු විය යුතු බවයි.
ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයා සහ උප ජනාධිපතිවරයාගේ දෙපා සාම්ප්‍රදායිනුකූල චාරිත්‍ර අනුව සිපගත් බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
2011 වසරේදී සුඩානයෙන් වෙන්වී, "දකුණු සුඩාන් රාජ්‍යය" ලෙස ස්ථාපිත වූ මෙම රාජ්‍යය තුළ මේ වන විටත් සිවිල් යුද්ධ හටගෙන තිබෙනවා.
පාප්තුමාගේ හමුවෙන් පසුව එරට දේශපාලන නායකයින් සාමය ස්ථාපිත කිරීමට කැපකිරීම් සිදු කරමින් ක්‍රියා කරන බවට පොරොන්දු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.