පාකිස්තානයේ ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ ක්වෙටා ප්රදේශයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් 20 දෙනෙකු මිය ගොස් 48 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
සුපිරි වෙළඳ සංකීර්ණයක අල ගෝනියක සඟවා තිබූ බෝම්බය දුරස්ත පාලකයක් මගින් පුපුරුවා හැර ඇති බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කළේ.
මිය ගිය පුද්ගලයන් අතර හමුදා සාමාජිකයින් 4 දෙනෙකු ද වනවා.
එරට හසාරා නැමැති ජන කණ්ඩයමක් ඉලක්ක කරගෙන මෙම ප්රහාරය සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.