Gossips

බැලුම්මහරදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මරුට

නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ යක්කල – බැලුම්මහර මංසන්ධියේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්‍රියේ පෞද්ගලික බස් රථයක් හා ලොරි රථයක් ගැටී සිදුවූ මෙම අනතුරෙන් ලොරි රථයේ ගමන් කළ පුද්ගලයායි මෙලෙස මියගොස් ඇත්තේ.
අනතුරෙන් ලොරි රථයේ රියදුරා සහ එහි ගමන් ගත් වයස අවුරුදු 11 ක පිරිමි දරුවෙකු ද තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.