සෙවණගල – එකමුතුගම ප්රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ 24 ක මුදල් සහ රන් ආභරණ කොල්ලකා පලාගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්රියේ මොහු අදාල නිවසේ වහලෙන් ඇතුළු වී මෙම කොල්ලය සිදුකර තිබුණේ නිවෙසේ කිසිවෙකු නොසිටි අවස්ථාවකදීයි.
පසුව, සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලට අනුව කොල්ලකෑ රුපියල් ලක්ෂ 21 ක මුදල සහ තුන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් රන් ආභරණ ද පොලීසිය සොයා ගනු ලැබුවා.
සැකකරු ඇඹිලිපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.