Gossips

මෙරට සරසවි ශ්‍රේණිගත කිරීම් පහළට

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ සරසවි සියල්ලම ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පහළ බැස තිබෙනවා.
මේ බව අනාවරණ කර ඇත්තේ 2017 – 2018 විගණන වාර්තාව මගින්.
එම ශ්‍රේණිගත කිරීම් වලට අනුව, ලෝකයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ශ්‍රී ලංකාවේ කිසිදු විශ්වවිද්‍යාලයක් පළමු විශ්වවිද්‍යාල දහසට ඇතුළත්ව නැහැ.
පේරාදෙණිය, කොළඹ, රුහුණ, මොරටුව, කැළණිය සහ ජයවර්ධනපුර යන සරසවි සියල්ලම ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල 2000 ත් 3000 ත් අතර ස්ථාන දක්වා පහත වැටී තිබෙනවා.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසන්නේ මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීම සඳහා වෙන් වන ප්‍රතිපාදන අවම වීම සහ විදේශ සිසුන් ඇතුළත් කර නොගැනීම බවයි.
කෙසේ වෙතත්, මෙලෙස විශ්වවිද්‍යාලවල ගුණාත්මකභාවය අවම මට්ටමකට පත්වීමේ වගකීම ආණ්ඩුව භාර ගත යුතු බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය ප්‍රකාශ කළා.
මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය පී.එස්.එම්. ගුණරත්න කියා සිටියේ දියුණු රටවල විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් වලට පැමිණෙද්දී මෙරට විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල පසුපසට යන බවයි.