Gossips

ඇළ මාර්ගයකට ඇඳ වැටි දෙදරු පියෙක් මරුට

කළුතර, නැබොඩ ගීකියනකන්ද වත්ත ප්‍රදේශයේ මාර්ගයක ගිලා බැස තිබු ස්ථානයක් හරහා ගමන් කළ පුද්ගලයෙකු එම මාර්ගයේ තිබු කුහරයක් තුලට ඇදවැටීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ගීකියනකන්ද ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි දෙදරු පියෙක්.
ගීකියනකන්ද වත්තට ඇතුළුවන ප්‍රධාන මාර්ගයේ ඇති මෙම අබලන්වූ ස්ථානය වසර දෙකක පමණ කාලයක සිට පිළිසකර කර නොමැති බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.
වරකාගොඩ පොලිසිය මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.