Gossips

කේරළ ගංජා සමඟ සැකකරුවෙකු වඩුක්කෝට්ටේදී අත්අඩංගුවට

වඩුක්කෝට්ටේ – සිත්තන්කේනි ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු යාපනය කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරක් මත ඊයේ සිදුකළ වැටලීමේදී සැකකරු ළඟ තිබී කේරළ ගංජා කිලෝ 7 යි ග්‍රෑම් 200 ක් සොයා ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි කොනාවලෙයි – මාදගල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.