Gossips

තවත් පාසල් දැරියක් මරුට

පුස්සැල්ලාව, උඩගම, අටබාගේ ප්‍රදේශයේ පාසලක දැරියක් නැටුම් කාමරය අසලදී ඇතිවු අසනීප තත්වයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (02) දහවල් 12.05 ට පමණ හිසරදයක් ඇති බවට පවසා ඇති අතර අනතුරුව ඇය ක්ලාන්ත වී ඇති බවයි වාර්තා වන්නේ.
පසුව ගම්පොළ රෝහලට ඇතුලත් කිරීමේ දී දැරිය මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළා.
මෙලෙස මරණයට පත්වී ඇත්තේ පන්විලතැන්න ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක්.
මෘත ශරීරය ගම්පොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.
පුස්සැල්ලාව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ආරම්භ කර ඇතැයි සඳහන්.
මේ අතර අවිස්සාවේල්ල – දෙහිඕවිට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ 9 හැවිරිදි දැරියක් ද පසුගිය 28 වනදා පාසල් ක්‍රීඩාපිටියේ සිදුවූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණා.
ඇය, පාසල් ක්‍රීඩා පිටියේ පැවති ක්‍රියාකාරකමක් අතරතුර ඇද වැටී ඇති අතර, අනතුරුව අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයතිලක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
පොල්කටු මත ඇවිදීමේ ක්‍රියාකාරකමක නිරතව සිටියදී මුනින් අතට ඇද වැටීමෙන් මෙම දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළා.
මෙලෙස මියගොස් ඇත්තේ දෙහි ඕවිට – පිරිවෙණ පාරේ පදිංචි සහේලි නිමර්තනා මන්දාකිණි නැමති දැරියක්.