Gossips

අවුරුදු සමයේ කෘත්‍රිම රසකාරක භාවිතයෙන් වැළකෙන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

උදාවන සිංහල හා හින්දු අලූත් අවුරුදු සමයේ ආහාර රස ගැන්වීම සඳහා කෘතිම රසකාරක භාවිතයෙන් වැළකී සිටින ලෙසට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද සඳහන් කළේ අවුරුදු සමයේදී රට තුළ කෘත්‍රිම රසකාරක භාවිතය ඉහළ යන බවයි.
එය ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් වන බැවින් දේශීය කුළු බඩුවලින් ආහාර රස ගැන්වීම සිදුකරන ලෙසට ඔහු ඉල්ලීමක් කරනවා.