Gossips

චෙන්නායි සුපර් කිංග්ස් තවදුරටත් පෙරමුණේ

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තවත් තරඟයකින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදා කණ්ඩායම කඩුලූ 4 ක ජයක් ලැබීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.
පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 151 ක් රැස් කළා.
චෙන්නායි සුපර් කිංග්ස් කන්ඩායම එම සීමාව පසුකර ගියේ කඩුලූ 6 ක් පමණක් දැවී තිබියදීයි.
ඒ අනුව, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තවදුරටත් පෙරමුණේ පසුවන්නේ සහභාගි වූ තරඟ 7 න් 6 ක්ම ජයග්‍රහණය කරමින්.