Gossips

විකීලික්ස් නිර්මාතෘ අත්අඩංගුවට

විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් ලන්ඩන් නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඔහු ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරණය යටතේ වසර 7 ක් රැදී සිටීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
වසර 7 කට පෙර ඔහු තමන් ස්වීඩනයට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් මෙලෙස ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරණය ඉල්ලා සිටි අතර, එම කාලසීමාව අවසන් වූ පසු ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලිංගික අපචාර නඩුවකට පෙනී නොසිටීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා.