Gossips

පෞද්ගලික අංශයෙන් අඩු මිලකට විදුලිය මිලදී ගන්නා බව විෂය භාර ඇමති කියයි

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් ජනනය කිරීමට දරන පිරිවැයට සාපේක්ෂව අඩු මිලකට පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගන්නා බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
කෙසේ වෙතත්, පවතින විදුලි අර්බුදය පිටුපස දූෂිත නිලධාරීන්, දේශපාලනඥයින් සහ ව්‍යාපාරිකයින් පිරිසක් සිටින බවයි කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් අයිතීන් උදෙසා පාරිභෝගිකයෝ සංවිධානය ප්‍රකාශ කළේ.