ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රකාශ එම පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සන්ධානයක් ගොඩනැගීම සඳහා සිදුවන සාකච්ඡාවට බාධාවක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ තිස්සමහාරාම ප්‍රදේශයේ අද පෙරවරුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.