Gossips

ගම්පොලදී සිදුවූ අනතුරකින් දෙදරු පියෙක් මරුට

ගම්පොල නාරංවිට ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොල නාරංවිට, නියම්ගම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක් වූ දෙදරු පියෙක්.
අනතුරට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර ගම්පොල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
මේ අතර ගම්පොල ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් ඇගලුම් කම්හල් සේවිකාවන් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.
ඔවුන් ගමන් ගත් වැන් රථය ප්‍රපාතයට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ඔවුන් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කටුනායක වෙළඳ කලාපයේ සිට නුවරඑළිය දක්වා ගමන් කරමින් සිටියදීයි.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගම්පොල පොලිසිය විසින් සිදු කරනවා.