Gossips

සුපිරි පළාත් තරඟාවලියේ ගාල්ලට කොළඹට සම ශුරතාව

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ සුපිරි පළාත් පන්දුවාර 50 තරඟාවලියේ අවසන් මහා තරඟය අද රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
එහිදී අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට සමත් වුයේ ගාල්ල කණ්ඩායම් සහ කොළඹ කණ්ඩායමයි.
අවසන් මහා තරඟයේ කාසියේ වාසිය දිනාගත් ගාල්ල කණ්ඩායමේ නායක ලසිත් මාලිංග තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටයි.
ඒ අනුව පිටියට පිවිසි ගාල්ල කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7කට 337ක් ලබා ගැනීමට සමත් වුණා.
ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ලහිරු තිරිමාන්න 115ක් ලබා ගත් අතර වනිඳු හසරංග පන්දු 53කදී ලකුණු 87ක් රැස්කළා.
පන්දු යැවීමේදී කොළඹ කණ්ඩායම වෙනුවෙන් සුරංග ලක්මාල්, අසිත ප්‍රනාන්දු, ෂෙහාන් ජයසුරිය, සික්කුගේ ප්‍රසන්න සහ චාමික කරුණාරත්න අතරේ එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.
කෙසේ වෙතත් කොළඹ කණ්ඩායමේ පිළිතුරු ඉනිම ආරම්භ වීමට තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
ඒ අනුව තරඟය අතහැර දැමීමට තරඟ තීරකයන් තීරණය කළ අතර තරඟයේ ජයග්‍රහණය දෙපිලටම ලබා දීමටයි තරඟ තීරකයන් අවසානයේ තීරණය කළේ.
තරඟාවලියේ දක්ෂතම පිතිකරු තරඟාවලියේ ලකුණු 227ක් ලබා ගත් ඇන්ජෙලෝ මැතිව්ස් සම්මානයෙන් පිදුම් ලැබූ අතර තරඟාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග සම්මානයෙන් පිදුම් ලැබුවා. ලසිත් මාලිංග මෙම තරඟාවලියේදී කඩුලු 8ක් බිද හෙළීමට සමත් වුණා.
තරඟාවලියේ වීරයා ලෙස ධනංජය ද සිල්වා සම්මානයෙන් පිදුම් ලැබුවා.