Gossips

විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ අත්අඩංගුවට

විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් මහා බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ලන්ඩන් නුවර පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයේ සිටියදීයි.
ස්වීඩනයට පිටුවහල් කිරීමට එරෙහිව ඔහු මීට වසර 7කට පෙර ඉක්වදෝර තානාපති කාර්යාලයේ සරණාගත භාවය ලබාගෙන තිබුනා.
අපචාර චෝදනාවක් සම්බන්ධයෙනුයි ජුලියන් අසාන්ජ් පිටුවහල් කිරීමට නියමිතව තිබුනේ.
අධිකරණයට භාර වන ලෙසට කළ නියෝගයකට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ අත්අඩංගුවට ගත් බවයි බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ සඳහන් කර ඇත්තේ.
මේ අතර ජාත්‍යන්තර සම්මුතීන් තවදුරටත් කඩ කිරීම හේතුවෙන් ජුලියන් අසාන්ජ්ගේ සරණාගත භාවය අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි ඉක්වදෝර ජනාධිපති ලෙනින් මොෙරේනෝ සඳහන් කර තිබෙනවා.