Gossips

කෝටි තුනකට අධික රන් සමඟ ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අත්අඩංගුවට

රුපියල් තුන්කෝටි විසිලක්ෂයක් වටිනා රන් තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කිලෝ 04ක් බරැති රන් බිස්කට් 40 ක් සිය පාවහන් තුළ සඟවා මොහු අද (11) පෙරවරුවේ මෙරටට ගෙන ඒමට උත්සහ කර ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩල සාමාජිකයා කටුනායක ගුවන්තොටුපලට අනුයුක්තව සේවය කරන අතර, ඔහු 29 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මොහුගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී ඇත්තේ හිතවතෙකු ඩුබායි සිට මෙරටට මෙම රත්රන් තොගය රැගෙන ඒමෙන් පසු එය පිටතට රැගෙන යාම සඳහා තමන් මෙලෙස කටයුතු කළ බවයි.