Gossips

අවුරුදු ක්‍රීඩා 2 ක නම් වෙනස් කරන්නැයි ඉල්ලීමක්

අලූත් අවුරුදු ක්‍රීඩාවලදී ආබාධිත තැනැත්තන්ට අපහාස වන වචන භාවිත කිරීමෙන් වළකින ලෙසට ආබාධ සංවේදී උද්දේශන කණ්ඩායම නමැති සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
අලූත් අවුරුදු ක්‍රීඩාවලදී කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරි කැවීමේ යන ක්‍රීඩා එම නම්වලින් හැඳින්වීම නිසා ආබාධිතයන් අපහසුතාවට පත්වන බවයි එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 8.7 ක් ආබාධ සහිත පුද්ගලයන්.
එම නිසා කණා මුට්ටිය බිඳීම යන ක්‍රීඩාවට වාසනා මුට්ටිය බිඳීම යන නම සහ අන්ධයාට කිරි කැවීම අවුරුදු ක්‍රීඩාව සඳහා දෑස් බැඳ කිරිකැවීම යන නම් මෙවර යොදාගන්නා ලෙසයි ඔවුන් ඉල්ලීමක් කරන්නේ.
මේ අතර පසුගිය 2 වනදා කතානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවේදී ආබාධ සහිත තැනැත්තන්ට අපහාසයක් හෝ අවමානයක් වන අයුරින් වචන භාවිතා නොකරන ලෙසට ද ඉල්ලීමක් කරනු ලැබුවා.