Gossips

මාර්ගයේ සිටි කම්කරුවකු මෝටර් රථයක ගැටුණු හැටි කැමරාවේ

අධිවේගේ හදන්න පාරට ආපු කම්කරුවා අහසට විසිවූ බිහිසුණු අනතුර කැමරාවක සටහන් වෙයි "
නොසැළකිල්ල හේතුවෙන් සිදුවන රිය අනතුරු හේතුවෙන් දෛනිකව වටිනා ජීවිත රැසක් ලොවට අහිමිවනවා.
එසේම එවැනි භයානක රිය අනතුරු හේතුවෙන් බොහෝ දෙනෙක් දීර්ඝ කාලීනව හෝ ජීවිත කාලය පුරාම ඔත්පලවනවා.
විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කල නොසැළකිල්ල හේතුවෙන් සිදුවන තවත් එවැනි අනතුරක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
අදාළ අනතුර සිදුව ඇත්තේ දකුණු අප්‍රිකාවේ ප්‍රධාන මාර්ගයකයි.
මෙලෙස අනතුරට ලක්වන්නේ මාර්ගයේ නඩත්තු කටයුතුවල නිරතව සිට ඇති කම්කරුවෙකු බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
අනතුරින් කම්කරුවා බරපතල තුවාල ලබා රෝහල්ගතකර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
එම අනතුර සිදුවන අයුරු අනතුර සිදුකළ පලාගිය මෝටර් රථයට ඉදිරියෙන් ගමන්කළ රථයේ ඉදිරිපස සවිකර තිබූ කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසින්.
rn