Gossips

අභ්‍යවකාශයේ කළු කුහරයක ප්‍රථම ඡායාරූපය නිකුත්වේ

අභ්‍යවකාශයේ අභිරහස් අතරින් එතෙක් මෙතෙක් මිනිසාගේ දැඩි කුතුහලයට ලක්ව තිබූ කළු කුහරයක පළමු සැබෑ ඡායාරූපය නිකුත් කිරීමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා. විර්ගෝ ඒ මන්දාකිනියේ මධ්‍යයේ මෙම කළු කුහරය පවතින බවයි ඔවුන් සඳහන් කළේ.
මෙය එම් 87 ලෙස නම් කර තිබෙනවා.
ඒ අනුව මෙතෙක් කළු කුහරය සම්බන්ධයෙන් චිත්‍ර ශිල්පියෙකු ඇඳි සිතුවමක් හෝ පරිගණක ආශ්‍රයෙන් නිර්මිත සිතුවමක් හෝ නොවන බව මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යාඥයින් සඳහන් කළා.
අභ්‍යවකාශයේ පවතින රක්තක ශෝධක කලාපයක් ලෙස මෙම කළු කුහරය හැඳින්වෙනවා.
ඡායාරූප ගත කර ඇති කළු කුහරය කිලෝමීටර බිලියන 40 ක පළලින් සහ පෘථිවිය මෙන් මිලියන තුනක විශාලත්වයකින් යුක්තයි.
කිලෝමීටර මිලියන ටි‍්‍රලියන 500 ක් දුරින් පිහිටි මෙම කළු කුහරයේ ඡායාරූප ලබාගැනීමට පෘථිවිය පුරා පිහිටුවා ඇති ඉවෙන්ට් හොරයිසන් නැමති දුරේක්ෂ 8 ක් භාවිත කර තිබෙනවා.
මෙය තාරකා විද්‍යාඥයන් 200 කගේ සහභාගිත්වයෙන් වසර ගණනක් පුරා සිදුකරණ ලද ගවේෂණයක ප්‍රථිපලයක් බව සඳහන්.
එය මතට පතිත වන කිසිදු විද්යුත් චුම්භක තරංගයක් හෝ අංශුවක් පරාවර්තනය නොකර සම්පූර්ණයෙන් අවශෝෂනය කරගන්නා හෙයින් බ්ලැක් හෝල් නොහොත් කළු කුහරයක් ලෙස හැඳින්වෙනවා.
මෙය කිසිදු පදාර්ථයකට මෙන්ම ආලෝකයකට පවා පිටවිය නොහැකි අභ්‍යවකාශ ප්‍රදේශයක් ලෙසයි තාරකා විද්‍යාඥයින් පෙන්වා දුන්නේ.