Gossips

රට සංවර්ධනය කරා ගෙන යාමේ අභියෝගයක් ගැන ජනපති කියයි

දූෂණය, වංචාව, අකාර්යක්ෂමතාව සහ මහජන නියෝජිතයින් වගකීම් අත්හැරීම හේතුවෙන් රට සංවර්ධනය කරා ගෙන යාමේ අභියෝගයක් මතුව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
පොළොන්නරුව මහා නගර සභාව සඳහා අලුතින් ඉදිකළ ගොඩනැගිල්ලක් විවෘත කිරිමේ අවස්ථාවට අද එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ මැතිවරණ ව්‍යාපාරයේදී පක්ෂ භේදයෙන් කටයුතු කළද පළාත්පාලන ආයතනවලට තේරී පත්වීමෙන් පසු සියල්ල අමතක කර සාමූහිකත්වයෙන් ජනතා සේවයට කැපවීම පළාත්පාලන නියෝජිතයින්ගේ වගකීම බවයි.
මෙම උත්සවයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කදුරුවෙල නව බස් නැවතුම්පල මෙන්ම කදුරුවෙල පොලිස් ස්ථානයේ ඉදිකළ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නව ගොඩනැගිල්ලද විවෘත කරනු ලැබුවා.
මේ අතර අද පෙරවරුවේ ගල් විහාර පූජා භූමියේ පැවති අලුත් සහල් මංගල්‍යයටද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්වුණා.