Gossips

ලොවම බලා සිටින අද IPL ගැටුමට සුපිරි මාලි එනවාද?

ලොවම බලා සිටින අද IPL ගැටුමට සුපිරි මාලි එනවාද?.."
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 24 වන තරඟය ලෙස මුම්බායි ඉන්දියන්ස් සහ කිංග්ස් කණ්ඩායම අතර තරඟය අද මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8ට ආරම්භ වනවා.
මෙහෙදී අද පැවැත්වෙන තරඟය පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ සන්රයිස් හයිද්‍රබාද් කණ්ඩායම සමඟ පැවැති තරඟයේදී බටහිර ඉන්දීය කොදෙව් යොවුන් ක්‍රීඩක අල්සාරි ජෝසප්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග හට අද තරඟයේදී ඉඩ ප්‍රස්ථාව ලැබේදැයි සැක මතු විය හැකි තත්වයක් හට ගැනීම හේතුවෙන්.
එහිදී අල්සාරි ජෝෂප් පන්දු වාර 3 යි පන්දු 4 කදී එක් නිලකුණු පන්දු වාරයක් සමඟ ලකුණු 12 කට කඩුලූ 6 ක් බිඳ හෙලීමට සමත් වුණා.
එම වාර්තාව සමඟ 2008 වසරේ සමාරම්භක අයි.පී.එල්. තරගාවලියේදි පාකිස්ථාන ක්‍රීඩක සොහයිල් තන්වීර් ලකුණු 14 කට කඩුලූ 6 ක් දවාගත් වාර්තාවද බිද වැටුණා.
කෙසේ වෙතත් ලසිත් මාලිංග පසුගිය 06 වැනිදා මුම්බායි කණ්ඩායම සමඟ පැවැති තරඟයට සහභාගී වුයේ නොවූ අතර ඊට හේතුව වුයේ ශ්‍රී ලංකාවේ මේ වන විට පැවැත්වෙන සුපිරි පළාත් පන්දුවාර 50 තරඟාවලිය හේතුවෙන්.
ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ මුම්බායි කණ්ඩායමේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක ජේසන් බෙහ්රෙන්ඩොෆ් කණ්ඩායමෙන් ඉවත් කරහොත් පමණක් ලසිත් මාලිංගහට අද තරඟ කිරීමට හැකි බවයි.
කෙසේ වෙතත් ලසිත් මාලිංග අද මුම්බායි කණ්ඩායම සමඟ එක්වුවද යළිත් ශ්‍රී ලංකාව බලා පැමිණෙන අතර ඒ ශ්‍රී ලංකා සුපිරි පළාත් තරඟාවලියේ අවසන් තරඟයට සහභාගී වෙනුවෙන්.rnrnrnrnrnrnrnrnrnrnrnrnrnrnrnrnrnrnrnrnrn