Gossips

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ දුම්රියෙන් බෙලිඅත්තට

පසුගියදා විවෘත කෙරුණු මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මේ වනවිට එක්ව සිටිනවා.
පස්වරු 6.15 ට පමණ විපක්ෂ නායකවරයා මාතර දුම්රිය ස්ථානයෙන් කොළඹ සිට බෙලිඅත්ත දක්වා ගමන් ගන්නා ගාලු කුමාරි දුම්රියෙන් මෙලෙස බෙලිඅත්ත බලා පිටව ගිය බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.
ආගමික වතාවත්වලට එක්වීමෙන් අනතුරුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට විශේෂ ප්‍රවේශ පත්‍රයක්ද මාතර දුම්රිය ස්ථානයෙන් ලබාදී තිබුණා.
මෙම චාරිකාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ඩලස් අලහප්පෙරුම, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ නාමල් රාජපක්ෂ ද එක්ව සිටිනවා.



rnrn