Gossips

බෙන්ජමින් නෙතන්යාහු පස්වන වරටත් ඊශ්‍රායල අගමැති ධුරයට

ඊශ්‍රායල මහ මැතිවරණයේ පෙරමුණ ගැනීමට අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පාලක පක්ෂය සමත්වී ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.
එම වාර්තාවල දැක්වුනේ හිටපු හමුදා ප්‍රධානී බෙනී ග්‍රාන්ට්ස් සමඟ පාලක පක්ෂය මැතිවරණයේ කරට කර සටනක් පැවතුණත් නෙතන්යාහු දක්ෂිණාංශික පක්ෂ සමඟ එක්ව ආණ්ඩු බලය පිහිටවනු ඇති බවයි.
එසේ වුවහොත් 69 හැවිරිදි බෙන්ජමින් නෙතන්යාහු 5 වන වරටත් එරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇති.