Gossips

පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල මෙන්ම මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වැසි සමඟ ප්‍රබල අකුණු සහ පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර, තද සුළං ද ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
මේ අතර, ඊයේ දිනයේ වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 37.8 වාර්තාවී ඇත්තේ වවුනියාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින්.
එසේම හෙට දිනයේදී උතුරුමැද, වයඹ, නැගෙනහිර හා බස්නාහිර පළාත්වල සහ ගාල්ල, මන්නාරම, වවුනියාව, මුලතිව් යන දිස්ත්‍රික්කවල බොහෝ ස්ථානවල වැඩි අවධානය යොමුකළ යුතු උණුසුම් කාලගුණයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.