රජයේ මුද්‍රණාලයේ ආරක්ෂක අංශ නිලධාරීන් මේ වනවිට සේවයෙන් ඉවත්ව සිටිනවා.
අද උදෑසන ආයතනයේ සේවකයන් පිරිසක් සහ ආරක්ෂක අංශ නිලධාරීන් අතර ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් පාලනාධිකාරිය මැදිහත් නොවීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස සේවයෙන් ඉවත්ව සිටින බව සඳහන්.
කෙසේ වෙතත් ආරක්ෂක අංශ වෙනුවට පොලිස් නිලධාරීන් යොදවා ආයතනයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යන බවයි අප කළ විමසීමකදී රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනී ලියනගේ සඳහන් කළේ.