Gossips

කඩොලාන කැපූ 8 දෙනෙකු මන්නාරමේ දී අත්අඩංගුවට (ඡායාරූප)

මන්නාරම – වන්කාලේ කලපු ප්‍රදේශයේ කඩොලාන කපමින් සිටි 8 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සන්තකයේ තිබී කපා ඉවත් කරන ලද කඩොලාන ශාක තොගයක් සහ උපකරණ කිහිපයක් ද ඊයේ නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19 ත් 43 ත් අතර වයස්වල පසුවන්නන්.

ඡායාරූප – වව්නියාව, රොමේෂ් මධුසංක