Gossips

මොහොමඩ් නසීම් ලබන 24 තෙක් රිමාන්ඩ්

පාතාල නායක මාකඳුරේ මධුෂ්, ඩුබායි හි සංවිධාන කරන ලද උපන් දින සාදයට සහභාගිවී යළි දිවයිනට පිටුවහල් කිරීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාශය භාරයට ගත් මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසර් ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සනෝජා ජයතුංග වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඔහු ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 24 ක කාලයක් රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමි වුණා.
පසුගිය වසරේදී මාළිගාවත්ත ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කිරිම සහ පුද්ගලයෙක් ඝාතනයට තැත් කිරිම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.