Gossips

සිංහල ගීතයේ ලයාන්විත සංගීතවේදියා අද අවසන් ගමන් යයි

සංගීත ක්ෂේත්‍රයට අනුපමේය සේවයක් ඉටු කළ ප්‍රවීණ සංගීතවේදී එච්.එම් ජයවර්ධන මහතා 8 වැනි දින සංගීත ජිවිතයට පමණක් නොව ජිවන ගමනටද සමුදුන්නා.
බොහෝ ගායක ගායිකාවන් එදත් අදත් ගයන සුමිහිරි ගීත සදහා ලයාන්විත සත්සර නාදයන් එක් කළ හෙතෙම ඒ සියළු මතක සදාතනික මතකයක් ලෙස ඉතිරි කර දැන් නික්ම ගොසින්.
ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ දිනයේත් කලාකරුවන් රැසක් පැමිණ තිබුණා.