Gossips

අවුරුදු 04ක දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජන සිදුකළ අයෙක් අත්අඩංගුවට

තණමල්විල, කිතුල්කෝටේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතරයි මාස දහයක් වයසැති පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ පුද්ගලයෙක් තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තෙලුල්ල ජනපදය ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.
දරුවාගේ දෙමව්පියන් විසින් තණමල්විල පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකාර පුද්ගලයා ඊයේ (09) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අපයෝජනයට ලක් වූ දරුවාගේ සීයා සමඟ අදාල සැකකරු රැකියාව කර ඇති අතර ඔහුගේ වැටුප රැගෙන යාම සදහා සැකකරු දරුවා ජීවත් වන නිවසට පසුගිය අටවනදා පැමිණ තිබෙනවා.
එම අවස්ථාවේ දරුවා පමණක් නිවසේ සිට ඇති අතර ඒ බව දැනගත් සැකකරු දරුවාට මෙලෙස බරපතල ලිංගික අපයෝජනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට අද (10) ඉදිරිපත් කිරීමට නියමිත අතර තණමල්විල පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.
වෛද්‍ය පරීෂණයක් සඳහා දරුවා තණමල්විල රෝහලට ඇතුලත් කර ඇති අතර දරුවා මේ වනවිට හම්බන්තොට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි තණමල්විල පොලිසිය සඳහන් කළේ.