Gossips

අලුත් අවුරුද්දට දින කිහිපයක් තිබියදී මෙරට ජනතාවට ලැබුණු සුබ ආරංචිය මෙන්න

විදුලි කප්පාදුව අද රැයින් අවසන් – ඉන්ධන මිල කමිටුවත් රැස්වෙයි
රට පුරා විදුලි කප්පාදුව අදින් පසු අවසන් කරන බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ඒ අනුව හෙට (11) සිට විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.
රට තුල පවතින අධික වියළි කාලගුණික තත්ත්වය සමග ඇතිවු විදුලි අර්බුදයට විසදුම් ලෙස අදියර තුනක් යටතේ විසදුම් ලබාදීමට පියවර ගෙන ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළා.
කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන වශයෙන් පිළියම් ඉදිරිපත් කිරීමට ඒ යටතේ සැලසුම් කර ඇති බවයි විෂය භාර අමාත්‍ය රවී කරුණානායක නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.
දැනට සිදු කෙරෙන විදුලි කප්පාදුව නැවැත්වීමට නම් මෙගාවොට් 500ක 600ක පමණ විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කළ යුතු අතර අමතර විදුලිය මිලදි ගැනීම් යටතේ එම ප්‍රමාණය මිලදි ගැනිමට නියමිතයි.
මේ තුළින් වෙසක් උත්සවය අවසන් වනතුරු විදුලිය සැපයීම නිසි අයුරින් සිදුකිරීමට සැලසුම් කර ඇති නමුත් පවතින අර්බුදය නිමා වන තුරු විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
එමෙන්ම ඉදිිරියේදි විදුලිය මිලදි ගැනීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය රවි කරුණානායක විසින් යෝජනාවක් ඊයේ (09) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිිරිමට අවශ්‍ය බවට අමාත්‍යවරුන් ප්‍රකාශ කිරිම හේතුවෙන් එම යෝජනාව මිළඟ කැබිනට් මණ්ඩලයේදි සාකච්ඡා කිරිමටයි තීරණය වී ඇත්තේ.
කෙසේ වෙතත් මේ වන විට විදුලිය මිලදි ගැනීම් සම්බන්ධයෙන් ගිවිසුම් තුනකට පැමිණ ඇති බව විදුලිබල, අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කළා.