Gossips

ඛනිජ තෙල් සේවකයන්ගෙන් රතු එළියක්

එළැඹෙන අලුත් අවුරුදු සමයෙන් පසු ඕනෑම මොහොතකදී වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසනවා.
ඒ ඛනිජ තෙල් මූලස්ථානයේදී පසුගිය ඔක්තෝබර් 28 වැනිදා සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියා මුදා හැරීමට විරෝධය පළ කරමින්.
පසුගිය වසරේ ඔක්තෝබර් 28 වැනිදා දෙමටගොඩ ඛනිජතෙල් නීතිගත සංස්ථා මූලස්ථාන පරිශ්‍රයේ එවකට ඛනිජ තෙල් අමාත්‍යවරයාව සිටි අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියා එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලැබුවා.
මෙම සිද්ධියට අදාළව ඇමති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් නිලධාරියා නඩුවෙන් මුදා හැරීමට පසුගිය 5 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ නීතිපතිවරයා ලබාදී තිබූ නීතිමය උපදෙස් සැලකිල්ලට ගනිමින්.
ඊට විරෝධය පළ කරමින් අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා.