Gossips

ගෝඨාභයට නඩු ගොනුකර ඇති බවට කිසිදු නිවේදනයක් ලැබී නැහැ – පා.ම. ඩලස්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකාවේ ගොනු කර ඇති බව පැවසෙන නඩු සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය සාකච්ජා රැසකදී අදහස් පළවුණා.
ඒකාබද්ධ විපක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව නඩු ගොනු කර ඇති බවට වන කිසිදු නිවේදනයක් මෙතෙක් ලැබී නොමැති බවයි.
එමෙන්ම නඩු සම්බන්ධ ලේඛණයක් ඔහුට භාර දෙන අයුරු දැක්වෙන සමාජ මාධ්‍යවල සංසරණය වන ඡායාරූපය අසත්‍ය එකක් බව ද ඔහු ප්‍රකාශ කර සිටියා.