Gossips

අරණායකදී බීමතින් සිටි අයෙකු ටිපර් රථයකට යට වී මරුට

අරණායක – දෙමලහීරිය ප්‍රදේශයේ වැලි ගබඩා කරන ස්ථානයක නිදාගෙන සිටි 65 හැවිරිදි පුද්ගලයෙකු ටිපර් රථයකට යට වී අද මියගොස් තිබෙනවා.
ඔහු එම අවස්ථාවේ බීමතින් සිට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
කොන්ත්‍රාත් ව්‍යාපාරිකයෙකුට අයත් මෙම ටිපර් රථය මහියංගනයේ සිට පැමිණ එහි තිබූ වැලි ඉවත් කිරීම සඳහා පසුපසට ධාවනය කිරීමේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.