Gossips

මහ මඟ අහිමි වූ ජීවිතය

බණ්ඩාරගම – කළුතර ප්‍රධාන මාර්ගයේ ගෝනදූව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (09) උදෑසන සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පරගස්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි අයෙක්.
අදාල පුද්ගලයා මාර්ගය හරහා මාරුවීමට උත්සහ කිරීමේදී ජල බවුසරයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
බවුසරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොරන්තුඩුව පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.