Gossips

තෙරේසා මේ ප්‍රංශ සහ ජර්මන් ප්‍රධානීන් හමුවේ

මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට දින 4 ක් තිබියදී එරට අගමැතිනි තෙරේසා මේ ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් මුණගැසී සාකච්ඡා කර තිබෙනවා.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව තෙරේසා මේ, ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රෝන්ද හමුවීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙලෙස ප්‍රංශ සහ ජර්මන් නායකයින් හමුවීමට බ්‍රිතාන්‍ය අගමැතිනිය ගොස් ඇත්තේ යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අදාළව ඉදිරිපත් කර ඇති යෝජනාව කල් දමන ලෙස ඔවුන් කළ ඉල්ලීමට සහය ලබාගැනීමේ අරමුණින්.