Gossips

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 23 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ ඊට අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේදියි.
මේ අතර, මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය අනාවරණය කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරට වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙස ද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.