Gossips

ඩුබායි රාජ්‍යයෙන් ඊයේ පිටුවහල් කළ, මොහොමඩ් මවුෆර්ත් මුදා හැරේ

පාතාල නායක මාකඳුරේ මධුෂ්, ඩුබායි හි සංවිධාන කරන ලද උපන් දින සාදයට සහභාගිවී යළි දිවයිනට පිටුවහල් කළ දෙදෙනාගෙන් රදවාගෙන ප්‍රශ්න කරමින් සිටි මොහොමඩ් මුෆාර් මොහොමඞ් ජබීර් මුදා හැර තිබෙනවා.
ඊයේ අලූයම සිට අද පෙරවරු 11 පමණ දක්වා මොහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන ඇති බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.
මධුෂ් සංවිධාන කළ සාදයට සහභාගි වී සිටියදී අත්අඩංගුවට ගැණුනු දෙදෙනෙකු ඊයේ අළුයම ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබූ අතර පසුව ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබුවා.
ඉන් අනතුරුව මොවුන් අතර සිටි මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි මොහොමඞ් නසීම් මොහොමඞ් ෆයිසාර් එම දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔහුට එරෙහිව ඝාතන චෝදනා ද එල්ල වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.