Gossips

උස්වත්ත වඟුරු බිමෙන් වැටලූ කසිප්පු ජාවාරම

කඳාන පොලිස් වසමට අයත් උස්වත්ත වඟුරු භූමිය තුල, කොළඹ – කටුනායක අධීවේගී මාර්ගයට යාබදව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් ඊයේ (08) පස්වරුවේ වටලා තිබෙනවා.
කඳාන පොලිසිය සමඟ එක්ව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී මත්පැන් නිෂ්පාදනයට යොදාගන්නා බැරල් 17ක් සමඟ ගෝඩා ලීටර් තිස් ලක්ෂ හැටදහසක් ඔවුන්ගේ භාරයට ගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.
ඒ සමඟ එක් සැකකරුවෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අලුත් අවුරුදු සමය ඉලක්ක කරගනිමින් බෙදාහැරීම සඳහා මෙම නීති විරෝධී මත් පැන් නිෂ්පාදනය කර තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු සහ නඩු භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා ජාඇල සුරාබදු ඒකකය වෙත භාරදී තිබෙනවා.