Gossips

වර්ජනවලට මුහුණදීමට ලංගමයෙන් අතිරේක බස් රථ 1500ක්

අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිත බස් සහ දුම්රිය වර්ජනයට මුහුණදීමට සූදානම් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
එහි ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටියුඩර් චන්ද්‍රසිරි කියා සිටියේ ඒ සඳහා අතිරේක බස් රථ 1500ක් පමණ ධාවනයේ යෙදවීමට සැලසුම් කර ඇති බවයි.
ගැටළු කිහිපයක් මුල් කරගෙන දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් සහ යෝජිත රුපියල් 25,000සේ නව දඩ ක්‍රමයට එරෙහිව බස් රථ සේවක සංගමයක් අද මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වර්ජන ආරම්භ කරන බව මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා.