දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්රදේශයේදී වෑන් රථයක්, ලොරි රථයක පසුපස ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
එසේම අද අලූයම සිදුවූ මෙම අනතුරෙන් වෑන් රථයේ රියදුරු ඇතුළු 5 දෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
මිය ගොස් ඇත්තේ වෑන් රථයේ ඉදිරි අසුනේ ගමන් ගත් පුද්ගලයෙකු වන අතර ඔහු පිළියන්දල – මාවිත්තර ප්රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙක්. වෑන් රථයේ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට අනාවරණ වී තිබෙනවා.