Gossips

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ අනෙක් පුද්ගලයා තවමත් සී.අයි.ඩී.යේ

පාතාල නායක මාකඳුරේ මධුෂ්, ඩුබායි හි සංවිධාන කරන ලද උපන් දින සාදයට සහභාගිවී ඊයේ යළි දිවයිනට පිටුවහල් කළ දෙදෙනාගෙන් එක් අයෙකු තවමත් රදවාගෙන ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා.
ඊයේ මොවුන් දිවයිනට පැමිණීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගත් අතර එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ තවදුරටත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි.
කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු ඊයේ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙලෙස අත්අඩංගුවට පත්වූයේ මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි මොහොමඞ් නසීම් මොහොමඩ් ෆයිසාර් නැමැත්තායි.
ඔහුට එරෙහිව ඝාතන චෝදනා ද එල්ල වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.