Gossips

ඇමරිකාව, ඉරාන විප්ලකාරී හමුදාව, ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරයි

ඉරාන – ඉස්ලාමීය විප්ලවයෙන් බිහි වූ එරට විප්ලවකාරී හමුදා බල ඇණිය, ඇමරිකානු ට්‍රම්ප් පරිපාලනය විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස ඊයේ නිළ වශයෙන් නම් කළා. ඇමරිකාව විසින් මෙලෙස වෙනත් රටක හමුදාවක්, ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
ඉරානය, මහබලවතුන් සමඟ ඇති කර ගත් න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට ජනපති ට්‍රම්ප් තීරණය කිරීමෙන් අනතුරුව ඇමරිකාව සහ ඉරානය අතර සබදතා සීග්‍රයෙන් පිරිහීම ඇරඹුණා.
ඉරාන – විප්ලකාරී හමුදාව ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමෙන් ඔවුන් ඉරාන ආර්ථිකය හා සම්බන්ධ කරුණුවලදී බලපෑම් කිරීමට ඇමරිකාවට හැකි වනවා.
විශේෂයෙන් ඔවුන් සමඟ ගනුදෙනු කරන පාර්ශව වෙත ඇමරිකාව විසින් සම්බාධක පනවනු ඇති.
ත්‍රස්තවාදයට අනුබල දෙන බව පවසමින් ට්‍රම්ප් පරිපාලනය මේ වන විටත් ඉරාන විප්ලවකාරී හමුදාව ඉලක්ක කරගෙන පියවර රැසක් ගෙන තිබෙනවා.
කෙසේ නමුත්, ජනපති ට්‍රම්ප් ගනු ලැබූ පියවරට ප්‍රතිචාර දක්වමින් ඉරානය විසින් මැදපෙරදිග සිටින ඇමරිකානු හමුදා ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබෙනවා.
ජනපති ට්‍රම්ප්ගේ පියවර මගින් මැදපෙරදිග ඇමරිකානු හමුදා අවදානමට ලක්විය හැකි බව පෙන්ටගනය සහ සී.අයි.ඒ. සංවිධානය මගින් ද පෙන්වා දී තිබුණා.