Gossips

මාතලේ සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් තුන් දෙනෙකු රෝහල් ගත කෙරේ

මාතලේ, මහනුවර ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් තුන් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
මහනුවර සිට මාතර දෙසට ධාවනය වූ මෝටර් රථයක්, එම දිශාවට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඉස්සර කිරීමට යාමේදී ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටීමෙන් ඊයේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන් ගත් මගීන් තුන් දෙනෙකු බරපතල තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
ඉන් අනතුරුව 61 හැවිරිදි උකුවෙල ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථයේ ගමන් ගත් මගියෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.