Gossips

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ මොහොමඩ් ෆයිසාර් අත්අඩංගුවට

පාතාල නායක මාකඳුරේ මධුෂ්, ඩුබායි හි සංවිධාන කරන ලද උපන් දින සාදයට සහභාගිවී සිටියදී අත්අඩංගුවට ගෙන ඊයේ රාත්‍රියේ මෙරටට පිටුවහල් කළ දෙදෙනාගෙන් එක් අයෙකු ඝාතන සිද්ධීන් දෙකකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වනවා.
ඔවුන් දෙදෙනාගෙන්ම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම් සිදුකළ අතර එහිදී මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, ඔහු සමඟ පිටුවහල් කළ අනෙක් පුද්ගලයාගෙන් තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා.