Gossips

විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟින් සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපළේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඩුබායි සිට පැමිණි මෙම පුද්ගලයා පොතුවිල් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහු සතුව තිබී විවිධ වර්ගයේ දුම්වැටි 11,000කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරු අදාළ දුම්වැටි තොගය කාඩ්බෝඩ් අසුරණවල බහා මෙරටට ගෙනවිත් තිබෙනවා.